විහාර මන්දිරය
2000 වසරේ දී සංඝාවාස ගොඩනැගිල්ලේ අඩක් නිමකොට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙසට වැඩ නිම කිරීමට ද විහාර මන්දිරයට පිවිසෙන ශෛලමය පිටගැටපෙළ ප්‍රතිසංස්කරණය හා මාර්යේ සිට විහාර භූමියට පිවිසෙන ප්‍රධාන පියගැටපෙළ ශෛලමය තීරු අතුරා අලංකාර ලෙස සාදා නිම කිරීමට ද, අටවිසි බුද්ධ මන්දිර සහිත බෝධි ප්‍රාකාරය ද, අක්කර 6 ක පමණ වූ ස්වභාවික ඝන අරණෙ ලෙන්තුල දම්සක් සූත්‍ර දේශනා, ශ්‍රී පාදය, දුෂ්කර ක්‍රියාව, මිහින්තලය වැනි අවස්ථා ප්‍රතිනිර්මාණය කිරීමෙන් පූජනීය වටපිටාවක් සැකසීමට හැකිවීම ගැන මා සතුටු වෙමි. අභිනවයෙන් ඉදි කරන ලද විශ්‍රාමශාලාව සහිත වූ කටාරංගල විහාරස්ථානය වර්තමානයේ සියළු විහාරාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ පූජනීය ස්ථානයකි.
