විහාරස්ථානය පිළිබඳ

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ප්‍රදේශයේ හල්ලොලුව  ගමෙහි වෘක්ෂලතාවන් ගෙන් යුත් ආරණ්‍යයක් තුළ මෙම කටාරංගල විහාරය පිහිටා ඇත. මෙම විහාරස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ නීල  පබ්බතාරාමය හේවත් නිල් පව් වෙහෙර නමිනි. මෙම විහාරස්ථානය වනගත ආරණ්‍යයක් ලෙස ගල් ලෙනක් ඇසුරුකොටගෙන වළගම්බා මහ රජතුමන්  විසින් ඉදිකර ඇත

තවදුරටත් කියවන්න

පුවත්

විහාර මන්දිරය

අභිනවයෙන් ඉදි කරන ලද විශ්‍රාමශාලාව සහිත වූ කටාරංගල විහාරස්ථානය වර්ථමානයේ සියළු විහාරාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ පූජනීය ස්ථානයකි.

තවදුරටත් කියවන්න

කෞතුකාගාරය

ඉතා පැරණි මැටි බඳුන් සෑහෙන ප‍්‍රමාණයක් කටාරංගල රජමහා විහාරය තුළ කෞතුක භාණ්ඩ ලෙස සුරක්‍ෂිතව පවතී.

තවදුරටත් කියවන්න

ශිලා ලේඛණ

විහාර මන්දිරය පිහිටි ප්‍රධාන ලෙනට අමතරව මහා ගල් පව්වෙහි තැනින් තැන පිහිටි පරිවාර ලෙන් විශාල ප්‍රමාණයකි. ඒ අතර කාලයාගේ ඇවෑමෙන් මිහි මතට සමාන්තරව ගරාවැටී ඇති කිසියම් බදාමයකින් ඔපමට්ටම් කරන ලද ගල් පුවරුවකි සිතුවම් ඇඳ තිබූ බවට අනුමාන කළ හැකි සායම් බොඳවී ගොස් ඒවායේ රසායනික තත්වය මත මතුවී ඇති බුද්ධකායේ ඉහළ කොටස දැනුදු මනාව දර්ශනය වේ.

තවදුරටත් කියවන්න

දඹ රන් පිළිම වහන්සේ

ඓතිහාසික කටාරංගල රජමහා විහාරය දේශ දේශාන්තරවල පවා අතිශය ප්‍රසිද්ධියක් උසුලනුයේ මෙම පුණය භූමිය තුල තැන්පත් කර ඇති මා හැගි ඉදුනිල් මිණිමුවා නෙත් සගලින් යුතු දඹරන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිසාය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි උන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය පිණිස මල්ල රජ දරුවන් විසින් තනවන ලද රංදෙණ පිලිස්සී ශේෂ වූ රනින් බුද්ධ ප්‍රතිමා තනවන ලදී.

තවදුරටත් කියවන්න

ඇමතුම් තොරතුරු

කටාරංගල රජමහා විහාරය
හල්ඔළුව, මහනුවර,
ශ්‍රී ලංකාව

දු.ක: +94 777 835 200
     +94 812 492 744
ඊ මේල්: info@katarangalatemple.lk